සුභ දවසක් වේවා හැමෝටම! ඉතිං අද ඔයාලත් එක්ක එකතු වෙන්නෙ 2023 වසරේ නිකුත් උන We Have a Ghost චිත්‍රපටයත් අරගෙනයි. චිත්‍රපටය 2023 පෙබරවාරි 24 Netflix හරහා නිකුත් උනා.චිත්‍රපටය Christopher Landon විසින් නිර්මාණය කරන ලද්දක්. ඉතිං Paranormal Activity චිත්‍රපටි සෙට් එක ගැන දන්නවානේ අන්න ඒකත් මෙයාගේ නිර්මාණයක් තමයි. සිනමා පටය සදහා රංගනයෙන් ජනප්‍රිය රංගන ශිල්පීන්ගේ දායකත්වය ලබාගෙන තියෙනවා. ප්‍රධාන වශයෙන් David Harbour,Anthony Mackie,Jennifer Coolidge වැනි ප්‍රසිද්ධ රංගන ශීල්පීන් දායක්වය ලබා දීලා තියෙනවා. චිත්‍රපටය සදහා IMDB 6.2/10 වගේ අගයක් ලැබිලා තියෙනවා. චිත්‍රපටය Comedy/Adventure ගනයට තමයි වැටෙන්නෙ. ඉතිං කතාව පැත්තට හැරෙමු… හතර දෙනෙකුගෙන් යුත් පවුලක් චිකාගෝ වල නව නිවසකට පදිංචියට යනවා. ඔවුන් එම නිවස ගැන කිසිවක් නොදැන අඩු මිල නිසා මිල දී ගන්නවා.ඉතිං ඒ අඩු මිල ඒක හොල්මන් ගෙදරක් නිසා. ගෙදර අට්ටාලයේ “අර්න්ස්ට්” ඒ කීවේ හොල්මන ජීවත් වෙනවා…මෙයා මුලින්ම හම්බවෙන්නෙ “කෙවින්” ඒ කිව්වේ පවුලේ බාලයාට.ඉතිං කෙවින් අහම්බෙන් හොල්මන වීඩියෝ ගත කරනවා ඊට පස්සේ අනිත් අයත් හොල්මන ගැන දැනගන්නවා. ඉතිං කෙවින්ගෙ තාත්තට ඕනේ හොල්මන පාවිච්චි කරලා Youtiub එකෙන් සල්ලි හොයන්න. ඇත්තටම අර්නස්ට්ට මොකද උනේ, එයා කොහොමද මැරුනේ, නැත්තම් ඒක මිනීමැරුමක්ද කතාව අමුතු පැත්තකට යනවා. ඉතිං සේරම ලියන්න බෑ කතාව බලන්න….
-
01
We Have a Ghost (2023) Sinhala Subtitles | “අපිට ඉන්නවා හොල්මනක්” | සිංහල උපසිරැසි සමඟ

